Monday, October 29, 2012

03. කව්ගේ ආදරය (i)




මා කවුළුවෙන් නිමක් නොපෙනෙන ඈත ක්ෂිතිජය දෙස බලාගෙන සිටීයේ කව්ගේ දුරකථන ඇමතුම අවසන් වෙන තෙක්. නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක ඇති දෙමහල් නිවසට අවට අසිරිය මනාව දිස්වෙනව. කාලයක්ම මේ පරිසරයේ ජීවත් වුවත් තවමත් මේ වටපිටාව නිදහසේ බලා ගන්න විවේකයක් තිබුණෙ නෑ. අවට සුන්දරත්වය විදිමින්ම මගේ සිත ඈතට පාවී ගියා.

" හෙට මම නිවාඩු "

කාලයක් තිස්සේ  බලා සිටී ඒ කෙටී පණිවුඩය ඊයේ දහවල්  මා අතට පත් වූ මොහොතේ සිට කටයුතු සූදානම් කර ගත්තේ මේ උදා වී ඇති මොහොත උපරිම විනෝදයෙන් ගත කිරීමටයි. අසුරු සැනෙන් "එතකොට දුව" යැයි ප්‍රශ්නාර්ථය මුසු වූ පිළිතුරක් යැව්වේ මට මතකයට නැගූ එකම බාධාව මගහරවා ගන්නේ කෙසේදැයි සිතමින්.  "දුව කොලේජ් යනව" යැයි ඈ කෙටී පණිවුඩයකින්ම පිළිතුරක් එව්වා. මට දැනුන සැහැල්ලුව අසීමිතයි.

කෞශල්‍යයා මගේ මිතුරියක් බවට පත් වූයේ ඇගේ ස්වාමියා වූ අසන්ත හා මා අතර පැවති ලෙන්ගතු මිත්‍රත්වය නිසයි. ඔහු හා මා අතර දැඩි වයස් පරතරයක් පැවතියත් අපේ මිත්‍රත්වයට එය බාධාවක් වුණේ නෑ. දැනට අවුරුදු හතකට පමණ පෙර පාසැලෙන්  සමුගත් පසු ලැබුණු මුල්ම රුකියාවට ගිය දිනයේ දී
ආරම්භ වූ ඒ මිතුදම මව්බිමෙන් බැහැර ඈත් එපිට ජපානයේ දී ත් නොවෙනස්ව පැවතීම සතුටට කරුණක්. මා රුකියාවට ගොස් වසරකින් පමණ අසන්ත තම බිරිද සමග ජපානයේ රුකියාවකට ආවත් ඔහුත් මාත් දුරකථනයෙන් හිතවත්කම තබා ගත්තේ ඔහු නිහතමානී පුද්ගලයෙක් වූ නිසාමයි. අසන්ත ජපානයට ඇවිත් තවත් වසර හතරකින් පමණ මමත් ජපානයට ආවේ උසස් අධ්‍යපනය ලැබීමේ වාසනාවක් සමගයි. ගුවන් තොටුපලෙන් ජපානයට ආ මොහොතේ සිට මගේ උදව්වට අසන්ත ආවේ පුදුම සහෝදරකමකින්. ආ දිනවල අසන්ත හා සමාගමයට වේලාව සීමිත වුවත් විශ්ව විද්‍යාලයේ වසර තුන අවසානයෙන් පසුව මට ලැබූ විවේකය ගත කළේ අසන්ත හා කෞශල්‍යාත් ඔවුන්ගේ කුඩා දියණියගේත් ඇසුර සමගින්.

ඒ දිනවල කෞශල්‍යාගේ වැඩි කතා බහක් නොවූ අතර නිවසට ආ මා හට ප්‍රියමනාපව සංග්‍රහ කිරීමට නම් ඈ පෙන්වූයේ  දැඩි රුච්යක්. කැම මේසයේ දී ඇගෙන් දක්නට ලැබුණේ ලොකු ලෙන්ගතුකමක්. නමුත් අසන්තත් මාත් අතර වූ සමාගමය හා එක් වීමට ඇගේ කැමැත්තක් නම් දකින්නට ලැබුණේ නෑ. ඒ බොහෝ විට පාසැල් යන කුඩා දියණියගේ වැඩ රාජකාරි නිසා වෙන්නට පුලුවන්. නමුත් කිසිවිටෙකත් ඒ නිවෙසට නිතර ආ ගිය මා හට ආඩම්බර බවක් නම් ඈ පෙන්වූයේ නෑ. එක් දියණියකගේ මවක් වුවත් එවැනි පෙනුමක් හෝ තිස් අට වෙනි වියේ පසු වූවත් ඒ වයසේ කාන්තාවකගේ පෙනුමක් හෝ ඇගේ බාහිර පෙනුමෙන් දකින්නට ලැබුණේ නෑ. ඇගේ රූ සපුව මනාව කැපී පෙනුනේ ඈ ද නිතර අදින්නට රුච් වූ ඩෙනිම් කලිසමටයි. මා අසන්තගේ මිත්‍රත්වය සොයා ගිය බොහෝ දිනවල ඇගේ රූ සපුවේ මිහිර විදීමට කෙසේවත් අමතක කළේ නම් නැහැ. ඒත් ඒ අවස්ථාව සීමිත කාලයකට සීමා වුණේ ඇගේ කාර්ය බහුලත්වය නිසයි.

අවට අසිරිය ඇස් දෙකෙන් සිප ගනිද්දි කව් මා අසලටම ඇවිත් බව දැන ගත්තෙ ඈ මගේ වම් පසින් සිට ගනිමින් මගේ බද වටා ඇගේ දකුණත තැබූ ස්පර්ෂයෙන්.

කව් උදේම ස්නානය කර සැහැල්ලු ඇදුමකින් සැරසී සිටී අතර ඈ ගල්වා තිබූ විලවුන් සුවද මගේ නාස් කුහර ප්‍රබෝධමත් කළා. ඉහළට ගත් දිගු ආශ්වාසයෙන් එම සුවද විදගනිමින්ම මගේ වමත ඇගේ ස්පර්ෂය සොයා ගියේ මටත් නොදැනමයි. බිය මුසු වූ ඒත් පොපියන දෙතොලකින් යුත් ඇගේ වතට මා සමීපවී මොහොතක් බලා සිටීයා. හදවතේ ගැස්ම මෙන්ම දෙනෙතේ නොසන්සුන් බවත් හොදටම දකින්නට ලැබුණා. ඒත් බලාපොරුත්තු සහගත කාන්තියකින් යුත් ඇගේ වත මා සිත උණුසුම් කළා.


අඩවන් වූ දෙනෙතින් මා දෙස බලා සිටී කව් දෙස තවත් නිහඩව බලා ඉන්නට මට කොහොමටවත් හැකි වුනේ නැහැ. පොපියන දෙතොල් මට ආරාධනා කරමින් කී දේ නොසලකා සිටීමටත් මට ශක්තියක්  තිබුණේ නැහැ. අප සිටී ඉරියව්වෙන්ම සිටීමින් ඇගේ සියුමැලි දෙතොල් වල පහස සදහා මගේ දෙතොල් ඈ කරා ඇදී ගියේ නිරායාසයෙන්. එකිනෙක හා ගැටුණ ඇගේත් මගේත් දෙතොල් වලින් පැන නැගුණ උණුසුම අප දෙදෙනාම කුල්මත් කළා. ඈට පරාජය වන්නට මටවත් මට පරාජය වන්නට ඈටත් නොහැකිව අතොරක් නැතිව එකිනෙක හා වේගයෙන් ස්පර්ශ වූ දෙතොලේ පහසින් උණුසුම්ව එකම ශරීරයක් බවට පත් වූ අපට ඒ මිහිර දරා ගන්නට නොහැකි වුණා.

වා කවුළුව අසල සුවපහසු නොවූයෙන් දෝතට ඔසොවා ගත් කව් මා විසින් රුගෙන ගියේ අසල වූ සෝපාවටයි. සෝපාව මත හිදගත් අප නැවතත් අපේ ඉන්ද්‍රියන්ගේ සිතැගියාවන්ට ඉඩ දෙමින් එකිනෙකාගේ පහසෙන් කුල්මත් වූවා. එකිනෙක දෙතොලේ වේගවත් ස්පර්ශයට විරාමයක් දුන් කව් සෝපාව අසල බිම වාඩි වූයේ ක්ෂණිකයෙන්. ඇගේ හිස මගේ දෙකකුල අතර රදවමින් මා දෙසට යොමු කළ ඇගේ දෙනෙත  මත මගේ දෙනෙත් සමපාත වූවා. උණුසුමින් හා අනුරාගයෙන් පිරුණු ඒ දීප්තිමත් දෙනෙත් වලින් ඈ කියුවේ රහසක්.

මතු සම්බන්ධයි

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home